WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
WorldBreaking

ඉරාන - අමෙරිකා සාම අවබෝධතාවයට ට්‍රම්ප්ගෙ අනුමැතිය අද

I
Ishanka Jayasuriya
May 29, 2026 · 1 min read
195 viewsf𝕏W
ඉරාන - අමෙරිකා සාම අවබෝධතාවයට ට්‍රම්ප්ගෙ අනුමැතිය අද
අමෙරිකාව සහ ඉරානය අතර නව අවබෝධතා ගිවිසුමක් සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අල්ජසීරා පුවත් සේවය රහසිගත වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කළේ, දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එකඟතාවයක් පළවී ඇති බවයි. කෙසේ වෙතත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  අවසන් අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බව සඳහන්.
එම අනුමැතිය අද දිනය තුළ හිමිවිය හැකි බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
මේ අතර, ගිවිසුම සම්බන්ධයෙන් ඉරානයේ උත්තරීතර නායකත්වය හෝ එරට උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
අමෙරිකානු උප ජනාධිපති JD වෑන්ස් ප්‍රකාශ කළේ, සාම ගිවිසුම සම්බන්ධයෙන් කැපී පෙනෙන ප්‍රගතියක් පවතින බවයි. කරුණු කිහිපයක් පිළිබඳ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවත්, ජනාධිපති ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබිය හැකි අවසන් අදියරකට සාකච්ඡා පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළා.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය   හරහා ඉරානය සමඟ සම්බන්ධීකරණයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කළ නෞකා හතරකට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළා. ඒ සඳහා ඉරාන සන්නද්ධ හමුදා උපුටා දක්වා තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අත්‍යාවශ්‍ය සේවා 15ක් ගැසට් මඟින් ප්‍රකාශයට
Next
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි

More in World