WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි

I
Ishanka Jayasuriya
May 29, 2026 · 1 min read
173 viewsf𝕏W
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
වාර්තා අනුව, ඔහු සිය ඉල්ලා අස්වීමේ තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ද දැනුම්දී ඇති අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද ඒ පිළිබඳ නිල දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
කපිල පෙරේරා මහතා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙන් රාජ්‍ය සේවයට එක්වූ අයෙකු වන අතර, රාජ්‍ය සේවයේ කාලය අවසන් වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
ලේකම් ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ඔහු යළි විශ්වවිද්‍යාල සේවයට එක්වීමට සූදානම් වන බව සඳහන්. ඔහු මීට පෙර මොරටුව විශ්වවිද්‍යාලයේ   හි උපකුලපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉරාන - අමෙරිකා සාම අවබෝධතාවයට ට්‍රම්ප්ගෙ අනුමැතිය අද
Next
රඹුක්කන - ගලගෙදර අධිවේගී මාර්ග වැඩ අද ඇරඹෙයි

More in Breaking News