WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රඹුක්කන - ගලගෙදර අධිවේගී මාර්ග වැඩ අද ඇරඹෙයි

I
Ishanka Jayasuriya
May 29, 2026 · 1 min read
157 viewsf𝕏W
රඹුක්කන - ගලගෙදර අධිවේගී මාර්ග වැඩ අද ඇරඹෙයි
මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි කොටසේ දෙවැනි අදියරට අදාළ රඹුක්කන සිට ගලගෙදර දක්වා මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු අද (29) ආරම්භ කිරීමට නියමිතයි.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුරුද්ධ හෙට්ටිආරච්චි  මහතා සඳහන් කළේ, මෙම අදියර යටතේ කිලෝමීටර් 18.7ක දුර ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටසේ වැඩ මේ වනවිටත් ක්‍රියාත්මක අතර, එම කටයුතු ලබන වසරේ මැද භාගය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන්.
පළමු අදියර සඳහා රුපියල් බිලියන 78ක මුදලක් වැය වන අතර, රඹුක්කන සිට ගලගෙදර දක්වා දෙවැනි අදියර සඳහා රුපියල් බිලියන 112.4ක් වැය කිරීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය සියලු මුදල් දේශීය අරමුදල් මගින් සපයා ඇති අතර, ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත් සමාගම් විසින් සිදුකරනු ලබන බවද වාර්තා වනවා
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා ඉල්ලා අස්වෙයි
Next
කුඩා ගඟ අවට ප්‍රදේශවලට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක්

More in Breaking News