කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාව සහ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපෑම් කළ හැකි බව සඳහන්.
එමෙන්ම කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතින බව වාර්තා වනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
අදාළ ආපදා කළමනාකරණ අංශ වෙතද අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බව සඳහන්.




