ගාසා තීරයේ පාලනය සියයට හැත්තෑව දක්වා වැඩි කිරීම සඳහා ඊශ්‍රායල හමුදාවන්ට උපදෙස් ලබා දුන් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මේ වන විට ගාසා තීරයේ භූමි ප්‍රදේශයෙන් සියයට හැටක් පමණ ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පවතින බවය.
එම පාලනය තවදුරටත් පුළුල් කිරීම, 2025 ඔක්තෝබර් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මූලිකත්වයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වූ සටන් විරාමයේ කොන්දේසිවලට පටහැනි විය හැකි බවද සඳහන් වේ.
මේ අතර පසුගිය දා වන විට ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් හැත්තෑ දෙදහස් හත්සිය හතළිස් දෙදෙනෙකු මියගොස් ඇති අතර, එක් ලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය හැට පහකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පිරිස අතරින් විසි එක්දහසකට අධික සංඛ්‍යාවක් ළමුන් බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.




