අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 334 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව අද (29) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 334.24ක් ලෙසත් සටහන් වී ඇත.




