WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පල්ලේගම හේමරතන හිමි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත්කරයි

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
163 viewsf𝕏W
පල්ලේගම හේමරතන හිමි  අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත්කරයි
පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් හොබවන නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය තාවකාලිකව අත්හිටුවීමට මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභාව තීරණය කර තිබේ.
මල්වතු මහා විහාරය නිකුත් කළ නිවේදනයට අනුව, අදාළ තීරණය ගනු ලැබ ඇත්තේ උන්වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවධානය යොමු කර, පාර්ශව කැඳවා කරුණු විභාග කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව, අටමස්ථාන කමිටුවේ තීරණයක් මත උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක, රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි හිමියන් තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කර ඇති බවද සඳහන් වේ.
පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ චෝදනා පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී අවසන් තීන්දුවක් ලැබෙන තෙක් මෙම තාවකාලික අත්හිටුවීම ක්‍රියාත්මක වන බව මල්වතු පාර්ශ්වය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දින 10ක් ගුහාවක සිරවූ පිරිසෙන් අයෙක් මුදාගනී
Next
අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා කඩිනම් බඳවා ගැනීම්

More in Breaking News