WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා කඩිනම් බඳවා ගැනීම්

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
162 viewsf𝕏W
අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු   සඳහා කඩිනම් බඳවා ගැනීම්
2018 වසරෙන් පසු බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 2,647ක් පවතින බව අනාවරණය වී තිබේ.
මෙම කරුණ හෙළිවී ඇත්තේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ දිගු කාලයක් බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් අධිකරණ පද්ධතිය තුළ සැලකිය යුතු මානව සම්පත් හිඟයක් මතුව ඇති බවයි.
මේ පිළිබඳ අවධානය යොමු කළ විෂයභාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අදාළ පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පල්ලේගම හේමරතන හිමි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත්කරයි
Next
තාවකාලික අටමස්ථානාධිපති ධූරය ඥානතිලක හිමියන්ට

More in Breaking News