WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

තාවකාලික අටමස්ථානාධිපති ධූරය ඥානතිලක හිමියන්ට

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
143 viewsf𝕏W
තාවකාලික අටමස්ථානාධිපති ධූරය ඥානතිලක හිමියන්ට
අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි හිමියන් තාවකාලිකව පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බව මල්වතු මහා විහාරය නිවේදනය කර තිබේ.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක සහ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී අවසන් තීන්දුවක් ලැබෙන තෙක් මෙම තාවකාලික පත්කිරීම ක්‍රියාත්මක වන බවද නිවේදනයේ සඳහන් වේ.
මෙම නිවේදනය මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනින් නිකුත් කර ඇති බවද වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා කඩිනම් බඳවා ගැනීම්
Next
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ලෙස නැවතත් අනුරුද්ධ ශානක

More in Breaking News