ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නව සභාපති ලෙස වත්මන් සභාපති අනුරුද්ධ ශානක මහතා යළි නිතරගයෙන් තේරී පත්ව තිබේ.
ඊයේ (29) කොළඹ ක්‍රීඩා විද්‍යායතනයේ ශ්‍රවණාගාරයේ පැවති නිලවරණයේදී මෙම තේරීපත්වීම සිදු වූ බව වාර්තා වේ.
එම නිලවරණයට විරෝධය පළ කරමින්, නිසි විගණනයක් නොකර එය පැවැත්වූ බව සඳහන් කරමින් හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා එම ක්‍රියාවලියෙන් ඉවත්ව ගොස් තිබේ.
ඔහු මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ද දැනුවත් කළ බවද වැඩිදුරටත් සඳහන් කර ඇත.




