WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කෝටි 4කට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
May 30, 2026 · 1 min read
139 viewsf𝕏W
කෝටි 4කට වැඩි  මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නැවත විදේශයට රැගෙන යාමට උත්සාහ කළ මෙරට පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන්තොටුපොළ පොලිසිය සඳහන් කළේ, අදාළ සැකකරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශගත කිරීමේ අරමුණින් සැඟවීමට උත්සාහ කර ඇති බවට ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගුවන්තොටුපොළ පොලිසිය සහ අදාළ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකක විසින් සිදුකරමින් පවතී
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
Next
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

More in Breaking News