හොංකොං නුවරදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දිනා දීමට තරුණ ක්‍රීඩක සදෙව් රාජකරුණා සමත්ව තිබේ.
ඔහු පිරිමි මීටර් 200 ධාවන ඉසව්වට සහභාගී වෙමින් විශිෂ්ට දක්ෂතා දක්වමින් තෙවැනි ස්ථානය ලබාගෙන ඇත.
සදෙව් රාජකරුණා තත්පර 21.13ක කාලයකින් තරගය අවසන් කරමින් මෙම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ බව වාර්තා වේ.




