හුංගම කලමැටිය මුහුදු තීරයේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.
අතුරුදන් වූ සිසුන් වයස අවුරුදු 12, 17 සහ 18 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව වාර්තා වේ.
සිද්ධියෙන් අනතුරුව ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ අදාළ බලධාරීන් එක්ව අතුරුදන් වූ සිසුන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සඳහන්ය.




