ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක දින 10කට ආසන්න කාලයක් සිරවී සිටි පුද්ගලයන් සිව්දෙනෙකු මුදා ගැනීමට ලාඕස සහ තායිලන්ත සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ.
රත්‍රං සෙවීම සඳහා ගම්වැසියන් හත්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය මැයි 20 වැනිදා ගුහාවට ඇතුළු වී ඇති අතර, පසුව ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව සහ ගුහාව තුළ සිදුවූ නායයෑම් හේතුවෙන් ඔවුන් ගුහාව තුළ සිරවී තිබුණි.
සිරවී සිටි පිරිසෙන් එක් අයෙකු ගුහාවෙන් මිදී පැමිණ බලධාරීන්ට සිද්ධිය පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව විශේෂ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඒ අනුව දින 10කට ආසන්න කාලයක් ගුහාව තුළ රැඳී සිටි සිව්දෙනෙකු ආරක්ෂිතව මුදා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත්ව ඇති අතර, සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන්ද සොයා බැලීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.




