WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සතර සමූහයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

I
Ishanka Jayasuriya
May 31, 2026 · 1 min read
188 viewsf𝕏W
සතර සමූහයේ නිර්මාතෘ  අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ, K. D. චන්ද්‍රසෝම පෙරේරා මහතා ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට එතුමා 82 වැනි වියේ පසු වූ බව පවුලේ ඥාතීන් තහවුරු කර ඇත.
සතර සමූහ සේවයේ නිර්මාතෘවරයා සහ ප්‍රධාන කර්තෘවරයා වූ චන්ද්‍රසෝම පෙරේරා මහතා, විශේෂයෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා ගණිත අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දරුවන් අතර අතිශයින් ජනප්‍රිය හා ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ගුරුවරයෙකු සහ කතුවරයෙකි.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු වූ එතුමා, කලා උපාධියක්, අධ්‍යාපන ඩිප්ලෝමාවක් සහ ගණිතය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා තිබුණි. අධ්‍යාපනික ග්‍රන්ථ රචනය හා ප්‍රකාශනය තුළින් පරම්පරා ගණනාවක දරුවන්ගේ අධ්‍යාපන ගමනට ශක්තියක් වූයේ ඔහුය.
sathara.lk⁠� ආයතනය හරහා 1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දක්වා විවිධ විෂයයන් සඳහා අතිරේක පොත්පත්, වැඩපොත් හා ප්‍රශ්න පත්‍ර සම්පාදනය කරමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දී ඇත.
එතුමාගේ දේහය නූගේගොඩ, මෙල්ඩර් පෙදෙසේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු ජූනි 02 වන අඟහරුවාදා පස්වරු 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේ  හිදී සිදු කිරීමට නියමිතය.
දහස් සංඛ්‍යාත දරුවන්ට ගණිතය ආදරයෙන් ඉගැන්වූ ගුරුවරයෙකුගේ නික්ම යාම, ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිඩැසක් ලෙස සැලකේ. 
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලංකාවේ ප්‍රථම වෙසක් තොරණ තොටළඟින් ඇරඹුණු අසිරිමත් ඉතිහාසය
Next
අතිනවීන පියයුරු රෝග පරීක්ෂණ යන්ත්‍ර 5ක් රෝහල් පද්ධතියට

More in Breaking News