ජීවිතාරක්ෂක කටයුතු සඳහා ගිනිඅවි බලපත්‍ර ලබාගෙන ඇති පුද්ගලයින් සෑම මාස හයකට වරක්ම තම ගිනි අවිය ළඟම පිහිටි පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ යුතු බව පොලීසිය දැනුම් දී තිබේ.
ඒ අනුව ගිනි අවියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එහි අංකය සහ බලපත්‍රයේ සඳහන් තොරතුරු එකිනෙකට ගැළපෙන බවට සහතිකයක් ලබාගැනීම අනිවාර්ය වන බව පොලීසිය සඳහන් කරයි.
ගිනිඅවි භාවිතය හා පාලනය සම්බන්ධ නීතිමය ක්‍රමවේදයන් වඩාත් විධිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවද පොලීසිය පවසයි.




