සම්පත් මනම්පේරී නමැති පුද්ගලයෙකුට කුලී පදනම මත වාහනයක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ.
පොලීසිය සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු අද එම කොට්ඨාසය වෙත පැමිණ ඇති බවයි.




