WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

කපිල චන්ද්‍රසේන මරණ පරීක්ෂණයට නීතීඥවරුන් දෙදෙනෙකුට සිතාසි

I
Ishanka Jayasuriya
June 2, 2026 · 1 min read
103 viewsf𝕏W
කපිල චන්ද්‍රසේන මරණ පරීක්ෂණයට නීතීඥවරුන් දෙදෙනෙකුට සිතාසි
සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණයට සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාට සහ ඔහුගේ කනිෂ්ඨ නීතීඥ උදාර මුහන්දිරම්ගේ මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) සිතාසි නිකුත් කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම හත්වැනි දිනටත් අද පැවැත්වුණු අතර, පසුගිය නඩු දිනයේදී ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විසින් අදාළ නීතීඥවරුන් සාක්ෂි සඳහා කැඳවීමේ අවශ්‍යතාව සලකා බලන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 370(5) වගන්තිය ප්‍රකාරව අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සාක්ෂි ලබාදීම සඳහා කැඳවීමට තීරණය කළ බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ රීති අනුව මරණකරු සහ ඔහුගේ නීතීඥවරුන් අතර හුවමාරු වූ උපදෙස් සහ තොරතුරු රහසිගතව තබා ගැනීමේ අයිතිය එම සාක්ෂිකරුවන්ට පවතින බවද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.
මෙම මරණ පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ජුනි 5 වැනිදා යළි කැඳවීමට නියමිතය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවයි
Next
රාජ්‍ය විශ්වවිද්‍යාල 13ක සිසුන් 16,000කට නව නේවාසිකාගාර 55ක්

More in Breaking News