WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඇමරිකාවෙන් පරිත්‍යාග කළ TH-57 හෙලිකොප්ටර් 10ක් ශ්‍රී ලංකාවට

I
Ishanka Jayasuriya
June 2, 2026 · 1 min read
132 viewsf𝕏W
ඇමරිකාවෙන් පරිත්‍යාග කළ TH-57 හෙලිකොප්ටර් 10ක් ශ්‍රී ලංකාවට
ඇමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10ක් දිවයිනට ළඟා වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ, මෙම හෙලිකොප්ටර් යානා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති අතර, දැනට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ඒවා එකලස් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.
අදාළ තාක්ෂණික පරීක්ෂණ සහ අවශ්‍ය සූදානම් කිරීම් අවසන් කිරීමෙන් පසු ඉදිරි දින කිහිපය තුළ මෙම යානා නිල මෙහෙයුම් සඳහා එක් කිරීමට නියමිත බවද වාර්තා වේ.
ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් ලබාදුන් මෙම හෙලිකොප්ටර් යානා, ගුවන් නියමු පුහුණුව, ආපදා කළමනාකරණ කටයුතු, සෙවීම් හා ගලවා ගැනීමේ මෙහෙයුම් (Search and Rescue - SAR) සහ අනෙකුත් මානුෂීය සේවා සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ.
මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ලැබුණු වැදගත් සහයෝගයක් ලෙස සැලකේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ලලිත් - කූගන් නඩුවේ ගෝඨාභයට ඔන්ලයින් සාක්ෂි දීමට අවසර
Next
ක්‍රීඩා සංගම් 3ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

More in Breaking News