ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවද මේ අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු සඳහන් කළේ බස් ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ දැනට ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධන සමීකරණයට අනුව බවයි.
ඒ අනුව, ඉන්ධන මිල වෙනස්වීමක් හේතුවෙන් බස් ගාස්තු වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් සිදු කිරීමට නම් එම මිල වෙනස සියයට 4කට වැඩි මට්ටමක තිබිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙවර ඉන්ධන මිල සංශෝධනය එම සීමාව ඉක්මවා නොමැති බැවින් බස් ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බවද ඔහු පැවසීය.




