WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ළමා අයිතිවාසිකම් සුරැකීමට නීති සංශෝධන ගැන විශේෂ සාකච්ඡාවක්

I
Ishanka Jayasuriya
June 3, 2026 · 1 min read
85 viewsf𝕏W
ළමා අයිතිවාසිකම් සුරැකීමට නීති සංශෝධන ගැන විශේෂ සාකච්ඡාවක්
ළමා කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අධිකරණ හා ජාතික සමගිත්ව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා හමුවී ළමුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන පිළිබඳ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.
මෙහිදී ළමුන්ට අදාළ නීති සංශෝධන, දුරස්ථ දෘශ්‍ය තාක්ෂණය ඔස්සේ ළමා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීම, ළමා හා බාල අපරාධ යුක්ති විනිශ්චය නීති සහ ළමුන් සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
අමාත්‍යවරයා සඳහන් කළේ නීති සංශෝධන මඟින් ළමා සාක්ෂිකරුවන්ට දුරස්ථ දෘශ්‍ය තාක්ෂණය භාවිත කරමින් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමේ පහසුකම් සලසා දී ඇති බවයි.
එමෙන්ම, මෙම ක්‍රමවේද භාවිතය සම්බන්ධයෙන් විනිසුරුවරුන් දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු පැවසීය.
ළමුන්ගෙන් දුරස්ථ දෘශ්‍ය තාක්ෂණය ඔස්සේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා විශේෂ පහසුකම් මහනුවර අධිකරණ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති අතර, එම පහසුකම් දිවයින පුරා අනෙකුත් අධිකරණ වෙත ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.
අධිකරණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ අතර, අධිකරණ පද්ධතියේ පවතින පුරප්පාඩු ඒ සඳහා ප්‍රධාන හේතුවක් බව පෙන්වා දී තිබේ.
රජය එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
මාසයකදී අන්තර්ජාල මූල්‍ය වංචා 360ක් ඉක්මවයි
Next
ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමට ශ්‍රී ලංකාව එක්වීමට නව පියවරක්

More in Breaking News