WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රංගගෙ මරණය සියදිවි හානිකර ගැනීමක්

I
Ishanka Jayasuriya
June 3, 2026 · 1 min read
79 viewsf𝕏W
රංගගෙ මරණය සියදිවි හානිකර ගැනීමක්
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ සැක සහිත මරණය, ඔහු විසින්ම සිදුකරගත් කැපුම් තුවාල හේතුවෙන් සිදුවූවක් බව සිව් පුද්ගල අධිකරණ වෛද්‍ය කමිටුව ඒකමතිකව තීරණය කර ඇති බව අධිකරණයට දැනුම් දී තිබේ.
ඊයෙ (03) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය ඉලංගරත්න බණ්ඩා මහතා සඳහන් කළේ, මෘතදේහය පිළිබඳ සිදුකළ සවිස්තරාත්මක පරීක්ෂණවලින් අනතුරුව එම තුවාල ස්වයං සිදුකරගත් ඒවා බවටත්, අධික රුධිර වහනය හේතුවෙන් ඇතිවූ කම්පන තත්ත්වය මරණයට හේතු වූ බවටත් නිගමනය කළ බවයි.
මෙම නඩුවේදී මරණකරුගේ ශරීරයේ තිබූ තුවාල සහ “බලනහර” සම්බන්ධයෙන් දීර්ඝ විමසීමක් සිදු වූ අතර, “බලනහර” යනුවෙන් බටහිර වෛද්‍ය විද්‍යාවේ හඳුනාගත් විශේෂ ශරීරාංගයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ආයුර්වේද විශේෂඥයන් සමඟද සාකච්ඡා කළ බවත් වෛද්‍යවරයා අධිකරණයට පැවසීය.
නඩු විභාගය අතරතුර මරණකරුගේ ඇඳුම්, සෙරෙප්පු සහ සිද්ධියට අදාළ පිහිය හඳුනාගැනීමද සිදු කෙරුණු අතර, තුවාලවල ඡායාරූප අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
මේ අතර, මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයන් අතට පත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රංග රාජපක්ෂ මහතා මීට පෙර වැඩතහනමට ලක්ව සිටි බවද අනාවරණය විය.
රසපරීක්ෂක වාර්තා ලැබීමෙන් අනතුරුව ඒවාද සලකා බලා ඉදිරි නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇති අතර, නඩුව යළි එළඹෙන 12 වැනිදා කැඳවීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉන්දීය හා පාකිස්ථාන නාවික යාත්‍රා රැසක් කොළඹ වරායට
Next
අඟුරුවාතොට වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් 11ක් මරුට – 3ක් අතුරුදන්

More in Breaking News