WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අඟුරුවාතොට වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් 11ක් මරුට – 3ක් අතුරුදන්

I
Ishanka Jayasuriya
June 4, 2026 · 1 min read
64 viewsf𝕏W
අඟුරුවාතොට වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් 11ක් මරුට – 3ක් අතුරුදන්
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටින බව පොලීසිය පවසයි.
ගින්නෙන් තුවාල ලැබූ 7 දෙනෙකු මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 51 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ.
ගින්න ඇතිවන අවස්ථාවේ එම මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 72 දෙනෙකු පමණ රැඳී සිට ඇති බව සඳහන් වේ. පෞද්ගලික ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානයේ මානසික ආබාධ සහිත පුද්ගලයින් ද සිට ඇති බව වාර්තා වේ.
ගිනි නිවීමේ භටයින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න පාලනය කර ඇති අතර, ගින්න හේතුවෙන් ගොඩනැගිල්ලට විශාල හානි සිදුව තිබේ.
පොලීසිය පවසන්නේ පිළිස්සුම් තුවාල හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් අයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අද (04) පෙරවරුවේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මළ සිරුරු ඉවත් කිරීමට නියමිත අතර, ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති අතර, ගින්නට හේතුව සහ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ සොයාබැලීම් තවදුරටත් ක්‍රියාත්මක වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රංගගෙ මරණය සියදිවි හානිකර ගැනීමක්
Next
ඩොලරය ඉහළ යාමෙන් ඖෂධ මිලත් ඉහළට ?

More in Breaking News