WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

ඩොලරය ඉහළ යාමෙන් ඖෂධ මිලත් ඉහළට ?

I
Ishanka Jayasuriya
June 4, 2026 · 1 min read
59 viewsf𝕏W
ඩොලරය ඉහළ යාමෙන් ඖෂධ මිලත් ඉහළට ?
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ යාම හේතුවෙන් ඖෂධ මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
එහි සභාපති, ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ, ආනයනික මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන ඇතැම් ඖෂධවල මිල ඉහළ දැමීම සඳහා මූලික සැලසුම් මේ වන විට සකස් කරමින් සිටින බවයි.
ගැසට් මගින් උපරිම සිල්ලර මිල නියම කර ඇති ඖෂධ කාණ්ඩ 60කට අදාළ මිල ගණන් ද නැවත සමාලෝචනය කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, සියලුම ඖෂධවල මිල ඉහළ නොයන අතර විනිමය අනුපාතික වෙනස්වීම්වල බලපෑම වැඩි වශයෙන් ඇති ඇතැම් ඖෂධ වර්ගවලට පමණක් මිල සංශෝධන සිදුවිය හැකි බවද සභාපතිවරයා අවධාරණය කළේය.
ඖෂධ මිල සංශෝධනය සම්බන්ධ අවසන් තීරණය අදාළ අධ්‍යයන සහ ඇගයීම් අවසන් වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අඟුරුවාතොට වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් 11ක් මරුට – 3ක් අතුරුදන්
Next
නාවලපිටියේ ගසක් ත්‍රිරෝද රථයක් මතට කඩා වැටි 3දෙනෙක් මරුට

More in Breaking News