WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රුමේෂ් තරංග ලෝකයේ 5 වැනි ස්ථානයට

I
Ishanka Jayasuriya
June 4, 2026 · 1 min read
58 viewsf𝕏W
රුමේෂ් තරංග ලෝකයේ 5 වැනි ස්ථානයට
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මීට පෙර ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවූ ඔහු, නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන දෙකක් ඉහළට පැමිණ මෙම දක්ෂතාවය වාර්තා කර ඇත.
මෙය ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, ලෝක ශ්‍රේණිගත කිරීම්වල මෙතරම් ඉහළ ස්ථානයකට පැමිණි පළමු ශ්‍රී ලාංකික මළල ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග ඉතිහාසයට එක්වෙයි.
මේ අතර, ජාත්‍යන්තර මට්ටමේ තවත් වැදගත් අභියෝගයක් සඳහා සූදානම් වන රුමේෂ් තරංග අද ඉතාලියේ පැවැත්වෙන රෝම ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට නියමිතය.
ඔහුගේ මෙම දක්ෂතා ශ්‍රී ලංකා මළල ක්‍රීඩාව ජාත්‍යන්තර වේදිකාවේ තවත් ඉහළට ඔසවා තැබූ ජයග්‍රහණයක් ලෙස සැලකේ. 
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
නාවලපිටියේ ගසක් ත්‍රිරෝද රථයක් මතට කඩා වැටි 3දෙනෙක් මරුට
Next
යෝෂිත රාජපක්ෂ නඩුව කල්යය

More in Breaking News