WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

යෝෂිත රාජපක්ෂ නඩුව කල්යය

I
Ishanka Jayasuriya
June 4, 2026 · 1 min read
54 viewsf𝕏W
යෝෂිත රාජපක්ෂ නඩුව කල්යය
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ ට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි විභාගය, ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් තීරණයක් ලැබෙන තෙක් සිදු නොකරන බව පැමිණිල්ල අද අධිකරණයට දැනුම් දුන්නේය.
නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා සඳහන් කළේ, විත්තිකරු ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම ජූනි 16 වැනිදා අභියාචනාධිකරණයේ විභාගයට ගැනීමට නියමිත බවයි.
ඒ අනුව එදින දක්වා මෙම නඩුවේ සාක්ෂි මෙහෙයවීම නොකරන බවට අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බැවින්, නඩුව සාක්ෂි කැඳවීමකින් තොරව කල් තබන ලෙසද පැමිණිල්ල ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අභියාචනාධිකරණයේ තීරණය ලැබෙන තෙක් නඩුව ජූලි 09 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළ අතර එදින සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද දැනුම් දුන්නේය.
මේ අතර, හිටපු දිසා අධිකරණ විනිසුරුවරයෙකු වන වත්මන් මහාධිකරණ විනිසුරු සහන් මාපා මහතා සාක්ෂි ලබාදීම සඳහා කැඳවීමට නිකුත් කළ සිතාසිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුවෙන් චෝදනා කර ඇත්තේ, රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා ලෙස අත්පත් කර ගැනීම හරහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
රුමේෂ් තරංග ලෝකයේ 5 වැනි ස්ථානයට
Next
අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂක අත්අඩංගුවට

More in Breaking News