WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හෙළයේ මහ සංස්කෘතික මංගල්‍ය අදයි

I
Ishanka Jayasuriya
April 14, 2026 · 1 min read
286 viewsf𝕏W
 හෙළයේ මහ සංස්කෘතික මංගල්‍ය අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද  අද (14) උදාවෙයි.. 

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙයි.

නැකත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අද (14) පූර්වභාග 09.32ටය.

අවුරුදු උදාවට පෙර පුණ්‍ය කාලය ආරම්භ වන අතර එය 14 වැනි අඟහරුවාදා පූර්වභාග 03.08 සිට අපරභාග 03.56 දක්වා පවතිනු ඇත.

එම කාලය තුළ සියලු වැඩ අත්හැර, ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය වන අතර පුණ්‍ය කාලයේ අපර කොටසේදි ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම ආදි නැකත් චාරිත්‍රවල යෙදීම සුදුසුය. 

ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ 14 වැනි අඟහරුවාදා පූර්වභාග 10.51ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ සඳහන්.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතුය.

වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීමේ නැකත යෙදී ඇත්තේ 14 වැනි අඟහරුවාදා අපරභාග 12.06ටය.

රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන්ය.

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 6.55ට යෙදී තිබේ.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑමේ නැකත  අප්‍රේල් 20 වැනි සඳුදා පූර්වභාග 06.27ට යෙදී ඇති බව නැකත් සීට්ටුවේ වැඩිදුරටත් දැක්වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ගවුට් ගවුට්ගෙන් නව ලෝක වාර්තාවක්
Next
දින 3කින් අධිවේගී මාර්ගවලින් රු. මිලියන 163කට අධික ආදායමක්

More in Breaking News