WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
SportsBreaking

ගවුට් ගවුට්ගෙන් නව ලෝක වාර්තාවක්

I
Ishanka Jayasuriya
April 13, 2026 · 1 min read
307 viewsf𝕏W
ගවුට් ගවුට්ගෙන් නව ලෝක වාර්තාවක්
යොවුන් ධාවකයෙකු වන ගවුට් ගවුට් විශිෂ්ට දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් වයස අවුරුදු 20ට පහළ මීටර් 200 ඉසව්වට අදාළ ලෝක වාර්තාව බිඳ දමා නව වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත. මේ වනවිට එම වාර්තාව උසේන් බෝල්ට්   සහ එරියන් නයිටන්  සතු විය.
ඕස්ට්‍රේලියාවේ පැවැති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී මෙම ක්‍රීඩකයා මීටර් 200 ඉසව්ව තත්පර 20ට අඩු කාලයකින් නිම කරමින් ලෝක අවධානය දිනා ගැනීමට සමත් විය.
ගවුට් ගවුට්  එම ඉසව්ව තත්පර 19.67 කින් නිම කරමින් පිට පිට දෙවැනි වරටත් ඕස්ට්‍රේලියානු මීටර් 200 ශූරතාව හිමි කරගත්තේය.
එම තරඟයේදී ඒඩ්න් මර්ෆි ද තත්පර 19.88 කින් ඉසව්ව නිම කළ අතර, ඔවුන් දෙදෙනාම ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 200 ඉසව්වක වාර්තා වූ වේගවත්ම කාලයන් දෙක සටහන් කර තිබේ.
තවද, Gout Gout තත්පර 20 සීමාව පසුකළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙසද ඉතිහාසයට එක්වී ඇත. මලල ක්‍රීඩා විචාරකයින් පවසන්නේ උසේන් බෝල්ට පසුව ලෝකයට උදා වූ විශිෂ්ටම ධාවන දක්ෂතාවන්ගෙන් එකක් ලෙස ඔහු සැලකෙන බවයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෝමූස් සමුද්‍ර සන්ධිය වහා විවෘත කරන්න – ප්‍රංශය හා එංගලන්තය අවධාරණය කරයි
Next
හෙළයේ මහ සංස්කෘතික මංගල්‍ය අදයි

More in Sports