WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දින 3කින් අධිවේගී මාර්ගවලින් රු. මිලියන 163කට අධික ආදායමක්

I
Ishanka Jayasuriya
April 14, 2026 · 1 min read
264 viewsf𝕏W
දින 3කින් අධිවේගී මාර්ගවලින් රු. මිලියන 163කට අධික ආදායමක්
පසුගිය 10 වනදා ආරම්භ වී ගතවූ දින තුනක කාලය තුළ අධිවේගී මාර්ග භාවිතයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් 163,291,065ක ආදායමක් ලබාගෙන තිබේ.
එම කාලසීමාව තුළ අධිවේගී මාර්ගවලින් ගමන් කළ රථවාහන සංඛ්‍යාව 434,338ක් ලෙස වාර්තා වී ඇත.
මෙහිදී වැඩිම ආදායමක් සහ වැඩිම රථවාහන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය 10 වනදාය. එදින රුපියල් 59,815,450ක ආදායමක් උපයා ඇති අතර, රථවාහන 161,847ක් අධිවේගී මාර්ග භාවිතා කර තිබේ.
අධිවේගී මාර්ග භාවිතය ඉහළ යාම හේතුවෙන් මෙම කාලය තුළ ආදායමත් රථවාහන සංඛ්‍යාවත් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව ද සඳහන් වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
හෙළයේ මහ සංස්කෘතික මංගල්‍ය අදයි
Next
රු. ලක්ෂ 75ක මත්ද්‍රව්‍ය සමඟ වෙන්නප්පුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට

More in Breaking News