WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

රු. ලක්ෂ 75ක මත්ද්‍රව්‍ය සමඟ වෙන්නප්පුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 14, 2026 · 1 min read
264 viewsf𝕏W
රු. ලක්ෂ 75ක මත්ද්‍රව්‍ය සමඟ වෙන්නප්පුවේදී සැකකරුවෙකු අත්අඩංගුවට
ඩුබායිහි සිට ක්‍රියාත්මක වන පාතාල කල්ලි සාමාජිකයෙකු වන “කොණ්ඩා රංජිත්” සම්බන්ධ ජාලයකට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට ප්‍රධාන බෙදාහරින්නෙකු ලෙස සැලකෙන “මාරවිල අකිල” නැමැත්තා රුපියල් ලක්ෂ 75කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
“හයිටෝප් තුෂාර” විසින් මෙහෙයවනු ලබන මෙම ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්දන බලකාය වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට පත් වූ අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 120යි මිලි ග්‍රෑම් 580ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53යි මිලි ග්‍රෑම් 610ක් පොලිස් භාරයට ගෙන තිබේ.
විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ, ඔහු සිය නිවස තුළ මත්ද්‍රව්‍ය සඟවා තබාගෙන අවට ප්‍රදේශවලට බෙදාහැරීම සිදුකර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, රැඳවුම් නියෝග යටතේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දින 3කින් අධිවේගී මාර්ගවලින් රු. මිලියන 163කට අධික ආදායමක්
Next
හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය හෙට මහනුවරදි

More in Breaking News