අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6.55ට යෙදී ඇති බව සඳහන් වේ.
එම නැකතට අනුව කොළ පැහැති වස්ත්‍ර ඇඳගෙන නැගෙනහිර දිශාවට මුහුණලා හිසට කොහොඹ පත් ද පයට කොලොන් පත් ද තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් යොදා ස්නානය කිරීම සුදුසු බව දක්වා ඇත.
හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී හෙට පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම උත්සවය මල්වතු හා අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.




