පොළොන්නරුව ප්‍රදේශයේ පරාක්‍රම සමුද්‍රය තානායම ආසන්නයේ වැව් බැම්ම අසල ජලාශයෙන් T-56 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 1,298ක තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම උණ්ඩ තොගය හමුවී ඇත්තේ පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවද වාර්තා වේ.




