WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දැදුරු ඔයේ දියේ ගිලී 2 මරුට – 6ක් අතුරුදන්

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
241 viewsf𝕏W
දැදුරු ඔයේ දියේ ගිලී 2 මරුට – 6ක් අතුරුදන්
දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් කණ්ඩායමක් අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ ගිලී අනතුරකට ලක්ව තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
මෙම සිද්ධියෙන් දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, තවත් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ඇතුළත් වේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 6 දෙනෙකු මෙතෙක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සෙවීම සඳහා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
කඩවත ප්‍රදේශයෙන් පැමිණි 7 දෙනෙකු කොබෙයිගනේ පිහිටි ඥාති නිවසකට ගොස්, එහි සිටි අනෙකුත් පුද්ගලයින් සමඟ එකතු වී 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස දිය නෑමට දැදුරු ඔයට ගොස් ඇති බවද පොලීසිය පවසයි.
අනතුර සිදුවී ඇත්තේ කොබෙයිගනේ පොලිස් බලප්‍රදේශයේ කුරටියාගහමුල ප්‍රදේශයේදීය.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පරාක්‍රම සමුද්‍රය අසලින් T-56 උණ්ඩ 1,298ක් හමුවේ
Next
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශ සංචාරයට සූදානම්

More in Breaking News