WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අප්‍රේල් 12 සිට දියේ ගිලී⁣මෙන් මරණ 20ක් –

I
Ishanka Jayasuriya
April 16, 2026 · 1 min read
260 viewsf𝕏W
අප්‍රේල් 12 සිට දියේ ගිලී⁣මෙන් මරණ 20ක් –
අප්‍රේල් 12 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 20 දෙනෙකු දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා සඳහන් කරයි.
අද (16) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මෙම අනතුරු බොහෝවිට පිහිනීමට නොහැකි පුද්ගලයන් විසින් අනාරක්ෂිත හා හුදකලා ස්ථානවල දිය නෑමට යාම හේතුවෙන් සිදුව ඇති බවයි.
එමෙන්ම, වැඩිහිටියන් සහ දෙමාපියන් විසින් අවශ්‍ය අවධානය හා වගකීම් නිසි ලෙස ඉටු නොකිරීමද මෙම මරණ වැඩිවීමට බලපා ඇති බවද ඔහු අවධාරණය කළේය.
තවද, බීමත් තත්ත්වයෙන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව අනාරක්ෂිත ස්ථානවල දිය නෑමට යාමත් අනතුරු ඇතිවීමට හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.
එබැවින්, විනෝද චාරිකා සඳහා යන පුරවැසියන්ට ආරක්ෂිත ලෙස නියමිත ස්ථාන පමණක් තෝරාගෙන, ජීවිත ආරක්ෂක සේවාවන් ඇති ස්ථාන භාවිතා කරමින් සහ අනතුරු ඇඟවීම් පිළිපදිමින් කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශ සංචාරයට සූදානම්
Next
මැදපෙරදිග මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකික අපරාධකරුවන් අත්අඩංගුවට

More in Breaking News