කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයින් අතරින් තවත් සිව්දෙනෙකුගේ සිරුරු අද සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව, මෙම අනතුරෙන් මියගිය සමස්ත සංඛ්‍යාව හය දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
නිකවැරටිය – කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ මංකඩක දිය නෑමට ගිය පිරිසක් ඊයේ (16) දියේ ගිලී අනතුරට ලක්වූ අතර, එදිනම පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබුණි.
ඉතිරි අතුරුදන්ව සිටි පුද්ගලයින් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටියදී අද දිනයේදී ඔවුන්ගේ සිරුරු හමුවී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.




