WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දික්ඕවිට වරායට රැගෙන ආ ධීවර යාත්‍රාවේ කෝටි400කට අධික හෙරොයින්

I
Ishanka Jayasuriya
April 17, 2026 · 1 min read
232 viewsf𝕏W
දික්ඕවිට වරායට  රැගෙන ආ ධීවර යාත්‍රාවේ කෝටි400කට අධික හෙරොයින්
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අල්ලා ගැනීමෙන් පසු, එහි රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් තිබූ බව අනාවරණය වී ඇත.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ පරීක්ෂණවලදී එම තොගය හෙරොයින් බව තහවුරු වූ බවයි.
මෙහිදී කිලෝග්‍රෑම් 150කට අධික හෙරොයින් ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එය වීදි වටිනාකම අනුව කෝටි 400කට වඩා ඉහළ අගයක් ගන්නා බවද සඳහන් වේ.
ශ්‍රී ලංකාවට දකුණු දිශාවේ ගැඹුරු මුහුදේ ඊයේ (16) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ. එහි තිබූ මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව ඔවුන් ගොඩබිමට රැගෙන ආ පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තවදුරටත් නීතිමය පියවර ගෙන ඇත.
තවද, මෙම මත්ද්‍රව්‍ය විදේශීය නෞකාවකින් ලබාදුන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින්ද විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින බවද වාර්තා වේ.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දැදුරු ඔයේ අනතුරින් මරණ 6ක් දක්වා ඉහළට
Next
1 ශ්‍රේණිය පොත් බෙදාහැරීම ආරම්භ කරයි

More in Breaking News