2026 වර්ෂය සඳහා 1 ශ්‍රේණියේ දෙවන හා තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදාහැරීම මේ වනවිට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ, එම පොත් බෙදාහැරීම් එළැඹෙන අප්‍රේල් 30 වනදාට පෙර සියලු පාසල් වෙත ලබාදීමට නියමිත බවයි.
තවද, 1 ශ්‍රේණිය සඳහා නව විෂයමාලා පිළිබඳ දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව පළාත් මට්ටමින් මේ වනවිට සිදුකර ඇති අතර, අවශ්‍ය අමතර පුහුණුව මැයි 16 වනදාට පෙර අවසන් කිරීමට උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම, පළමු වාරයේ විෂය කොටස් සම්පූර්ණ කිරීමට නොහැකි වූ පාසල් පවතී නම්, දෙවන පාසල් වාරය තුළ ඒවා සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.




