පුවත් වාර්තාව:
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හඳුන්වන ලොකු පැටීගේ සහෝදරයා වන පොඩි පැටී ඉලක්ක කරගෙන අහුංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම සිද්ධිය ඊයේ (16) රාත්‍රී 11.30ට පමණ වාර්තා වූ අතර, ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.
උත්සවයකට සහභාගී වී පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුට කිසිදු තුවාලයක් සිදුව නැති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.




