WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

පාර්ලිමේන්තු ගැටලු ගැන ජාත්‍යන්තරයට දැනුම්දීමක්

I
Ishanka Jayasuriya
April 17, 2026 · 1 min read
239 viewsf𝕏W
පාර්ලිමේන්තු ගැටලු ගැන ජාත්‍යන්තරයට දැනුම්දීමක්
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් පාර්ලිමේන්තුව තුළ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර ආයතන කිහිපයක් වෙත ලිපි මගින් දැනුම් දී ඇත.
ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත මෙම කරුණු ඉදිරිපත් කරමින්, පවතින තත්ත්වය පිළිබඳ ගැඹුරු අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබේ.
එම සංගමය ප්‍රධාන කරුණක් ලෙස සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා සේවයෙන් තහනම් කිරීම නීතිවිරෝධී සහ අසාධාරණ ක්‍රියාවක් බවයි.
එය නීතිමය ක්‍රමවේද සහ ස්වාභාවික සාධාරණත්වය උල්ලංඝනය කිරීමක් ලෙසද, ආයතනික ස්වාධීනත්වයට හානි කරවන තත්ත්වයක් ලෙසද ඔවුන් පෙන්වා දෙයි.
තවද, එම තීරණය නීතිමය බලය නොමැති කාර්ය මණ්ඩල උපදේශක කමිටුවක් මගින් ගෙන ඇති බවත්, එය බලය ඉක්මවා ගත් ක්‍රියාවක් බවත් එම ලිපියෙන් සඳහන් කර ඇත.
මෙම ක්‍රියාවලිය අදාළ නීතිමය ක්‍රමවේද අනුගමනය නොකළ මූලික පරීක්ෂණයක් මත පදනම් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය මහලේකම්වරයා විසින් අභියාචනාධිකරණයේ නඩුවක්ද පවරා ඇති බවත් වාර්තා වේ.
එමෙන්ම, මෙම තීරණය ස්වාධීන පරිපාලන තීරණයක් නොව කථානායකවරයාගේ සෘජු මැදිහත් වීමෙන් සිදු වූ එකක් බවද සංගමය චෝදනා කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
බලශක්ති ඇමති සහ ලේකම් ඉල්ලා අස්වෙයි
Next
බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු

More in Breaking News