WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු

I
Ishanka Jayasuriya
April 17, 2026 · 1 min read
242 viewsf𝕏W
බලශක්ති අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු
බලශක්ති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජී.එම්.ආර්.ඩී. අපොන්සු මහතා පත් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇති අතර, අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ පත්වීම් ලිපිය ඔහු වෙත භාර දී ඇත.
මීට පෙර මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙකු ලෙස සේවය කළ අපොන්සු මහතා, ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
ජාතික සැලසුම්කරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, සාර්ව ආර්ථික විශ්ලේෂණය සහ සංවර්ධන මූල්‍ය ක්ෂේත්‍ර ඇතුළු විවිධ අංශවල ඔහුට දිගුකාලීන පළපුරුද්දක් ඇත.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
පාර්ලිමේන්තු ගැටලු ගැන ජාත්‍යන්තරයට දැනුම්දීමක්
Next
දැදුරු ඔය අනතුරෙන් මරණ 8ක් දක්වා ඉහළට

More in Breaking News