කොබෙයිගනේ ප්‍රදේශයේ දැදුරු ඔයේ දියේ ගිලී අතුරුදන් වූ අවසන් පුද්ගලයින් දෙදෙනාගේ සිරුරුද මේ වනවිට සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව, මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව අට දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
අද (17) උදෑසනදී මුලින් අතුරුදන් වූ සිව්දෙනෙකුගේ සිරුරු සොයාගත් අතර, පසුව තවත් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබුණි. ඉතිරි වූ දෙදෙනා සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් සිටියදී, ඔවුන්ගේ සිරුරුද පසුව සොයාගෙන ඇත.
මෙම අනතුරට ලක්වූ පිරිස කඩවත ප්‍රදේශයේ සිට කොබෙයිගනේ පිහිටි ඥාති නිවසකට ගොස් තිබූ අතර, එහි සිට තවත් පිරිසක් සමඟ 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස දැදුරු ඔය වෙත දිය නෑම සඳහා ගොස් තිබේ.
එම අවස්ථාවේදී මෙම දුර්ඝටනාව සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.




