WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

හෙරොයින් යාත්‍රාවේ හිමිකරුත් අත්අඩංගුවට

I
Ishanka Jayasuriya
April 17, 2026 · 1 min read
259 viewsf𝕏W
හෙරොයින් යාත්‍රාවේ හිමිකරුත් අත්අඩංගුවට
දිවයිනට දකුණු දෙසින් ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හෙරොයින් කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී අල්ලාගත් මෙම යාත්‍රාව අද (17) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.
එහි තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 400කට අධික බව සඳහන් වේ.
යාත්‍රාවේ සිටි ධීවරයන් සිව්දෙනෙකු පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය බහාලු උර 6ක්ද සොයාගෙන තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බලධාරීන් විසින් සිදුකරමින් පවතී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
දැදුරු ඔය අනතුරෙන් මරණ 8ක් දක්වා ඉහළට
Next
“කරන්දෙණියේ රාජු” මෙරටට රැගෙන එයි

More in Breaking News