ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු ලෙස සැලකෙන “කරන්දෙණියේ රාජු” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මේ වනවිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.
ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි මෙම සැකකරු, ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සහෝදරයෙකු බවද වාර්තා වේ.
අදාළ සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇත.




