අද (18) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් වාහන සඳහා QR ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, පෙර ක්‍රමවේදය අනුවම ඉන්ධන කෝටා පද්ධතිය යළි පවත්වාගෙන යන බවයි.
උත්සව සමය හේතුවෙන් අප්‍රේල් 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම QR ක්‍රමය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, එය දැන් නැවත ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම QR පද්ධතිය යටතේ පමණක් සිදු කෙරෙනු ඇත.




