WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

සේවා අංශයේ වර්ධනයක් – PMI 59.4

I
Ishanka Jayasuriya
April 18, 2026 · 1 min read
259 viewsf𝕏W
සේවා අංශයේ වර්ධනයක් – PMI 59.4
ශ්‍රී ලංකාවේ සේවා අංශය සම්බන්ධයෙන් ගණනය කරන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) පෙර මාසයට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, මාර්තු මාසයේදී දර්ශකාංකය 59.4ක් ලෙස වාර්තා වී ඇති අතර, සේවා ක්‍රියාකාරකම්වල වැඩිවීමක් සිදුවී ඇති බව දැක්වේ.
එමෙන්ම, ව්‍යාපාරික ක්‍රියාකාරකම් ද එම මාසයේදී වර්ධනයක් පෙන්නුම් කළ අතර, මූල්‍ය සේවා අංශයේ ණය ලබාදීමේ ක්‍රියාකාරකම්ද ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
තවද, උත්සව සමයේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ තොග හා සිල්ලර වෙළඳාම ආශ්‍රිත ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලද වර්ධනයක් දක්නට ලැබුණු බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අද මධ්‍යම රාත්‍රියේ සිට QR ක්‍රමය යළි
Next
අද සහ හෙට විශේෂ දුම්රිය සේවා

More in Breaking News