WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

අද සහ හෙට විශේෂ දුම්රිය සේවා

I
Ishanka Jayasuriya
April 18, 2026 · 1 min read
244 viewsf𝕏W
අද සහ හෙට විශේෂ දුම්රිය සේවා
අලුත් අවුරුදු උත්සව සමයේ ගම් බිම් වෙත ගොස් සිටි ජනතාවට නැවත පැමිණීම පහසු කිරීම සඳහා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
මෙම විශේෂ දුම්රිය සේවාව අද (18) සහ හෙට (19) යන දිනයන් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
ඒ අනුව, අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට කොළඹ වෙත පැමිණෙන මගීන් සඳහා, දැනට ධාවනය වන සාමාන්‍ය දුම්රිය සේවාවන්ට අමතරව විශේෂ දුම්රියන් ද ධාවනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ උත්සව සමයේ මගී ඉල්ලුම ඉහළ යාම සැලකිල්ලට ගනිමින් බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
සේවා අංශයේ වර්ධනයක් – PMI 59.4
Next
දින 6කදී දියේ ගිලී 26ක් මරුට

More in Breaking News