WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

දින 6කදී දියේ ගිලී 26ක් මරුට

I
Ishanka Jayasuriya
April 18, 2026 · 1 min read
252 viewsf𝕏W
දින 6කදී දියේ ගිලී 26ක් මරුට
පසුගිය අප්‍රේල් 12 වැනිදා සිට මේ දක්වා දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඊයේ (17) දිනයේදීද දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් දියේ ගිලීම් සිදුවී ඇති අතර, එම සිද්ධීන් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
මිහින්තලය – මරදන්කුලම වැවේ දිය නෑමට ගිය 55 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති අතර, ඔහු තම 11 හැවිරිදි පුත්‍රයා සහ 12 හැවිරිදි තවත් දරුවෙකු බේරා ගැනීමට උත්සාහ කිරීමේදී මෙම අනතුරට ලක්ව ඇත. එම දරුවන් දෙදෙනා අනතුරෙන් බේරී තිබේ.
තවත් සිද්ධියකදී, දෙහිඕවිට – හිඟුරලකන්ද ප්‍රදේශයේ සීතාවක ගඟේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු ද දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජල ආශ්‍රිත ස්ථානවලදී වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවට අවවාද කරයි.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
අද සහ හෙට විශේෂ දුම්රිය සේවා
Next
ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 3ක ජයක්

More in Breaking News