WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මහරගම නිවසක් ගිනි තැබීමෙන් තිදෙනෙකු මරුට

I
Ishanka Jayasuriya
April 19, 2026 · 1 min read
451 viewsf𝕏W
මහරගම නිවසක් ගිනි තැබීමෙන් තිදෙනෙකු මරුට
පුවත් වාර්තාව:
මහරගම පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලට ගිනි තැබීමේ සිද්ධියට අදාළව එම නිවසේ හිමිකරුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිසියම් පිරිසක් විසින් සිදුකළ ගිනි තැබීමක් හේතුවෙන් එකම පවුලේ මවක් සහ දියණියක් එම ස්ථානයේම මියගොස් ඇති අතර තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
බරපතළ තුවාල ලබා සිටි එම දැරියගේ පියා සහ නිවසේ හිමිකරු වූ 76 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව මියගොස් ඇත.
මෙම සිද්ධියෙන් මහරගම පමුණුව පාර, එක්සත් සුබසාධක මාවතේ කුලී පදනම මත පදිංචිව සිටි 55 හැවිරිදි මවක් සහ ඇගේ 16 හැවිරිදි දියණියද ජීවිතක්ෂයට පත්වී ඇත.
ඊයේ (18) සිදු වූ මෙම ගිනිගැනීම අසල්වැසියන් විසින් නිවා දමා තුවාල ලැබූ පුද්ගලයන් රෝහල්ගත කළ අතර, පසුව සිදුකළ සෝදිසියේදී නිවසේ කාමරයක් තුළ කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී තිබේ.
සිද්ධිස්ථානයේ පෙට්‍රල් වහනයක් තිබූ බවත්, මෙය ගිනි තැබීමක් මගින් සිදුකළ ද්විත්ව ඝාතනයක් බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙම අපරාධය සිදු කිරීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
කටුනායකදී නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට
Next
අල්ලස් ගැනීම සම්බන්ධව මුලතිව් රෝහලේ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

More in Breaking News