මධ්‍යම කඳුකරයේ වතුකර ප්‍රදේශවල ඉන්දීය රජයේ ආධාරයෙන් ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අද (19) නිල වශයෙන් අවසන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 60,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය ආධාර ලබාදීමට නියමිත අතර, මුල් අදියර දෙක යටතේ නිවාස 46,000ක් ඉදිකර අවසන් කර තිබුණි.
තෙවන අදියර යටතේ නිවාස 4,000ක් ඉදිකර ඇති අතර, එය ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වතුකර ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පවුල් 3,855කට වාසස්ථාන පහසුකම් හිමිව තිබේ.
කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වියදම් ඉහළ යාමත් සමඟ එක් නිවසකට ලබාදෙන මුදල රුපියල් මිලියන 2.8 දක්වා වැඩි කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබූ අතර, එමගින් ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට හැකි වී ඇත.
තෙවන අදියර යටතේ ඉදිකරන ලද ඉතිරි නිවාස 145ක් අද දින මාර්ගගත ක්‍රමය ඔස්සේ ජනතා අයිතියට පත් කර ඇති අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය උප ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වය හිමිව තිබේ.
එමෙන්ම, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පොරොන්දුවක් අනුව නිවාස 10,000ක් ඉදිකරන සිව්වන අදියරේ වැඩ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.




