WESL News
🇬🇧 EN🇱🇰 SI🇮🇳 TAAdmin
SUBSCRIBE
Breaking NewsBreaking

මහරගම දෙමහල් නිවසේ ඇති වූ ගින්නට හේතුව කුලී ගනුදෙනු ආරවුලක්

I
Ishanka Jayasuriya
April 19, 2026 · 1 min read
308 viewsf𝕏W
  මහරගම දෙමහල් නිවසේ ඇති වූ ගින්නට හේතුව  කුලී ගනුදෙනු ආරවුලක්
මහරගම පමුණුව පාරේ පිහිටි දෙමහල් නිවසක ඉහළ මහලේ ඊයේ (18) පස්වරුවේ ඇතිවූ ගින්න, නිවසේ කුලී ගනුදෙනුවක් සම්බන්ධ ආරවුලක් මත නිවසේ හිමිකරු විසින්ම හටගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.
මෙම නිවසේ හිමිකරු සහ කුලී පදනම මත පදිංචිව සිටි පවුල අතර දීර්ඝ කාලයක සිට ආරවුලක් පැවති බවටද මහරගම පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
ගින්න හටගෙන තිබුණේ එක්සත් සුබසාධක මාවතේ දෙවන පටුමඟේ අංක 17/2 නිවසේ ඉහළ මහලේය. ගින්න දුටු ප්‍රදේශවාසීන් එක්ව දැඩි උත්සාහයක් දරා එය නිවාදමා ඇත.
ගින්න අතරතුර නිවස තුළ සිටි බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ. ඔවුන් අතර නිවසේ හිමිකරු සහ කුලී පදනම මත පදිංචිව සිටි පවුලේ ගෘහ මූලිකයාද වේ.
පසුව සිදුකළ සෝදිසියේදී කාමරයක් තුළ කාන්තාවකගේ සහ දැරියකගේ මළ සිරුරු සොයාගෙන ඇත. ඔවුන් 55 හැවිරිදි රන්තකාන්ති වික්‍රමආරච්චි සහ ඇයගේ 16 හැවිරිදි දියණිය වූ තත්සරණි රත්නායක බව හඳුනාගෙන තිබේ.
ඉන් අනතුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 76 හැවිරිදි නිවසේ හිමිකරු අද (19) පෙරවරුවේ මියගොස් ඇති බවද පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
Share:
FacebookX / TwitterWhatsAppLinkedIn
I
Previous
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අවසන්
Next
ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා ස්වර්ගස්ථ වෙයි

More in Breaking News